Saturday, 25 August 2018

තීරණය ඔබ සතුයි


අහම්බයකින් ඇස ගැටණු පුවත් පතක ලිපියක් කියවන්නට සිතුනේ කාලයකට පසුවයි.එම ලිපිය කියවූ සැනින් මසිත එක් නිමේශයකින් කඩා වැටණේ ඇයි දැයි මේ ලිපිය ලියන මොහොතේදීත් මා කල්පනා කරමි.ලිපියේ සදහන් වූයේ නුපුරුදු හෝ නොඅසා තිබෙන යමක් නොවේ.එදිනෙදා මාධ්‍ය මගින් නිරන්තරයෙන් ඇසෙන්නට තිබෙන පුවතකි.ස්ත්‍රී දූෂණයක් යැයි කීවොත් මා නිවැරදිය.නමුත් එහි වූ පුවතට විෂය වී තිබුනේ මාගේ වියෙහිම පසු වන තරණියක වීම නිසාත්,ඇයට අත්ව තිබූ අමිහිරි අත්දැකීම් පෙලක් පුවතෙ සදහන් කර තිබූ ආකාරයත් නිසා එම පුවත කෙරෙහි මා වඩාත් සංවේදී වන්නට ඇත.ඇය කාම ප්‍රේතයකුගෙ  ගොදුරක් බවට පත් වූ තවත් එක බිල්ලක් පමනී.
තරුණ හෙද නිලධාරිනියක ලෙස  යුධ හමුදා රෝහලක සේවය කරන අතරතුර පටලවා ගත් පෙම් පල හිලවුවක් දිගු දුර යාම නිසා ඇයට මෙම ඛේදවාචකයට මුහුණ දීමට සිදු විය.අවසානයේ ඇයට සිදු වූයේ පෙම් පහස විදීමට නොව,මෙරට මහත්වරු යැයි කියා ගෙන සිටි නොසන්ඩාලයින්ගේ  කම් පහස දුරු කිරීමටයි.ගැහෙන හදවත නිසා ජීවත් වූ නමුදු සිය ආත්මයම මතෙන් මත් වූ කුරිරු ගින්නට දැවී අලු වී ගියේ කිසිවක් කර කියා ගැනීමට නොහැකිව ඈ බලා සිටියදීමය..මෙරට ඉහල පෙලේ තානාන්තරයක් දරන ගරු භුහුමනින් කිසිදු අඩුවක් නොමැති මහත්වරයෙකුටත් හාම්පුතාගේ ඉදුල් තොල ගාන තවත් නිලදාරීන් පිරිසකට ගොදුරක් බවට ඇය පත් වී හමාරය..තවත් ඇය ජීවත් වීමෙන් පලක් තිබේද.......
පැතුම් දහසක් පොදි බැදගෙන ජීවිත කීපයක්ම ජීවත් කරන්නට සිතා ගම රට අතැර ආ ඇගේ ජිවිතයට අද කිසිදු සරණක් නොමැත..කාලකණ්ණි තවත් සුන්දර ජීවිතයක් බිල්ලට ගෙන හමාරය...පුවත්පතේ සදහන්ව තිබූ ආකාරයට මොවුන් අතරින් මීට වගකිව යුතු නිලදාරියෙක් අද නිදැල්ලේ ය..හෙට දිනයේ අනිත් මහත්වරුන් ද මාධ්‍ය සංදර්ශන පවත්වමින් නැවතත් කරලියට බසියි.ඒ මේ රටේ නීතියේ ආධිපත්‍යයයෙ තරමයි..එල්ලුම් ගහ ක්‍රියාවට නැංවිය යුතු කාලය දැන් එලඹ තිබේ තවත් සම්මත කිරීමේ පනත් ගෙන එමින් වාද විවාධ සංවාද පවත්වමින් කඹ ඇදීමෙන් පලක් නැත.දිනෙන් දින සමාජය රුදුරු වෙස් ගනී.හෙට දිනයේ තවත් තරුණියක් නොව පුංචි මල් කැකුලක් මෙවන් තිරිසනුන්ගේ ගොදුර වේවී.දිය යුතු දඩුවම තීරණය කිරීමට නීති පොතේ පිටු දහස් ගණනක් පෙරලීමට සිදු වේවී.එනිසා මුලු රටම ඒක මතිකව සම්මත කරමින් මෙවැනි කරුමක්කාරයින්ට දිය යුතු දඩුවම තීරණය කරයිනම් තවත් නීති පොතේ පිටු පෙරලන්නට අවශ්‍ය නොවෙවී.මෙවැනි කරුමක්කාරයින්ට දිය යුතු එකම දඩුවම මරණයයි..

5 comments:

දියාරු වන පවුල් ක්‍රමය

සමාජයේ  කුඩාම තැනුම් ඒකකය ලෙස පුරුෂයෙක් කාන්තාවක් හා දරුවන්ගේ එකතුවකින් ගොඩ නැගෙන සම්බන්දතාවය,පවුල සමාජ සම්බන්ධතා ව්‍යුහය ගොඩ නැගීමේ මුල්ම ප...