Sunday, 2 May 2021

දියාරු වන පවුල් ක්‍රමය

සමාජයේ  කුඩාම තැනුම් ඒකකය ලෙස පුරුෂයෙක් කාන්තාවක් හා දරුවන්ගේ එකතුවකින් ගොඩ නැගෙන සම්බන්දතාවය,පවුල සමාජ සම්බන්ධතා ව්‍යුහය ගොඩ නැගීමේ මුල්ම පදනමයි.න්‍යෂ්ටික හා විස්කෘත ලෙස දෙයාකාර වූ පවුල් ක්‍රමය තුල අද ශේෂ ව ඇත්තේ න්‍යෂ්ටික පවුල් ක්‍රමය පමනක් යැයි කීවොත් නිවැරදි වේ.
ස්වාමිපුරුෂයා භාර්‍යාව හා දරුවන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට පමනක් සීමා වූ පවුල් ක්‍රමය අද වඩාත් ජනප්‍රිය වී තිබේ.කාර්යබහුල සමාජයක ජීවත් වීම තුල කාන්තාවන්ද රැකියාවේ නියෙලීම නිසා ඇයට දරුවන් හදා වඩා පෝෂණය කරමින් සිය පවුල් ජීවිතයට මූලිකත්වය දීමට අද හැකියාවක් නොමැත.මේ නිසා අද ලාංකීය පවුල් ක්‍රමය අවම වශයෙන් හතර දෙනෙකුට සීමා වී තිබේ.එයත් වැඩි යැයි සිතා ඇතැමුන් තිදෙනෙකුට සිය සාමාජිකයින් ප්‍රමාණය සීමා කරයි.
මීට දශක කීපයකට ඉහතදී ලාංකීය පවුලක් තුල අවම වශයෙන් සාමාජිකයින් දහයක් දොලහක් පමණ විය.එදා රටේ ආර්ථික සමාජ ව්‍යූහය සුභදායී තත්ත්වයක නොතිබුනි.නමුත් පවුලේ සාමාජිකයින් අතර දෙමාපිය දූ දරු සහෝදර බැදීම් එදා සමාජයේ ඉහලින්ම වැජඹුණු.අද සමාජයේ දක්නට ලැබෙනුයේ මෙහි ප්‍රති විරුද්ධ පැති කඩයි.ආර්ථික සමාජ ව්‍යූහය ඉහලින් වැජඹෙද්දී දෙමාපිය දූ දරු සහෝදර බැදීම් දියාරු වී යයි.සමස්ත සමාජයටම බලපෑම් එල්ල කරන්නා වූ එකී සාදකය තුල මෙරට සංස්කෘතික හර පද්ධතිය සාරධර්ම මේ සියල්ලක්ම දෙදුරුම් කයි.බෙදා හදා ගෙන කන සාමාජයක්, එකිනෙකාට ගරු කරන සමාජයක්, එකි නෙකාගේ මත් දැරීමට අයිතියක් මෙවන් පසුබිමක කෙසේනම් ගොඩ නැගේද.?? පවුලේ සාමාජිකයින් එකිනෙකා අතර බෙදා හදා ගැනීම සහයෝගය මේ දේවල් ගොඩ නැගෙද්දී සමාජයේම ඒවා වර්දනය වේ.නමුත් බෙදා හදා ගැනීමට සහෝදරයෙක් සහෝදරියක් නොමැති පවුල් ක්‍රමයක් ගොඩ නැගෙමින් පවතින වර්තමාන සමාජය තුල දූෂණය වංචාව සාමාන්‍ය දෙයකි.
මිල මුදල්ම සිය ආත්මය කර ගන්නා උදවිය නිසා හෙට දිනයේ 'පවුල' යන වචනයත් සමාජයෙන් වියැකී යනු නොඅනුමානය.පවුලක් තුලින් සාමජයට ඉටු කෙරෙන්නාවූ වගකීම් හා යුතුකම් අප්‍රමාණය.නමුත් හෙට දිනයේ ස්වාමිපුරුෂයා හා බිරිදට පමනක් සීමා වී සිය අවශ්‍යතා සපුරා ගනු වස් පමණක් පවුලක් ගොඩ නැගෙන වට පිටාවක් මේ වන විට නිර්මාණය වී තිබේ.අද රටේ පිරිහීම එදාට අන්තයටම යනු ඇත.

1 comment:

දියාරු වන පවුල් ක්‍රමය

සමාජයේ  කුඩාම තැනුම් ඒකකය ලෙස පුරුෂයෙක් කාන්තාවක් හා දරුවන්ගේ එකතුවකින් ගොඩ නැගෙන සම්බන්දතාවය,පවුල සමාජ සම්බන්ධතා ව්‍යුහය ගොඩ නැගීමේ මුල්ම ප...