Sunday, 2 May 2021

දියාරු වන පවුල් ක්‍රමය

සමාජයේ  කුඩාම තැනුම් ඒකකය ලෙස පුරුෂයෙක් කාන්තාවක් හා දරුවන්ගේ එකතුවකින් ගොඩ නැගෙන සම්බන්දතාවය,පවුල සමාජ සම්බන්ධතා ව්‍යුහය ගොඩ නැගීමේ මුල්ම පදනමයි.න්‍යෂ්ටික හා විස්කෘත ලෙස දෙයාකාර වූ පවුල් ක්‍රමය තුල අද ශේෂ ව ඇත්තේ න්‍යෂ්ටික පවුල් ක්‍රමය පමනක් යැයි කීවොත් නිවැරදි වේ.
ස්වාමිපුරුෂයා භාර්‍යාව හා දරුවන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට පමනක් සීමා වූ පවුල් ක්‍රමය අද වඩාත් ජනප්‍රිය වී තිබේ.කාර්යබහුල සමාජයක ජීවත් වීම තුල කාන්තාවන්ද රැකියාවේ නියෙලීම නිසා ඇයට දරුවන් හදා වඩා පෝෂණය කරමින් සිය පවුල් ජීවිතයට මූලිකත්වය දීමට අද හැකියාවක් නොමැත.මේ නිසා අද ලාංකීය පවුල් ක්‍රමය අවම වශයෙන් හතර දෙනෙකුට සීමා වී තිබේ.එයත් වැඩි යැයි සිතා ඇතැමුන් තිදෙනෙකුට සිය සාමාජිකයින් ප්‍රමාණය සීමා කරයි.
මීට දශක කීපයකට ඉහතදී ලාංකීය පවුලක් තුල අවම වශයෙන් සාමාජිකයින් දහයක් දොලහක් පමණ විය.එදා රටේ ආර්ථික සමාජ ව්‍යූහය සුභදායී තත්ත්වයක නොතිබුනි.නමුත් පවුලේ සාමාජිකයින් අතර දෙමාපිය දූ දරු සහෝදර බැදීම් එදා සමාජයේ ඉහලින්ම වැජඹුණු.අද සමාජයේ දක්නට ලැබෙනුයේ මෙහි ප්‍රති විරුද්ධ පැති කඩයි.ආර්ථික සමාජ ව්‍යූහය ඉහලින් වැජඹෙද්දී දෙමාපිය දූ දරු සහෝදර බැදීම් දියාරු වී යයි.සමස්ත සමාජයටම බලපෑම් එල්ල කරන්නා වූ එකී සාදකය තුල මෙරට සංස්කෘතික හර පද්ධතිය සාරධර්ම මේ සියල්ලක්ම දෙදුරුම් කයි.බෙදා හදා ගෙන කන සාමාජයක්, එකිනෙකාට ගරු කරන සමාජයක්, එකි නෙකාගේ මත් දැරීමට අයිතියක් මෙවන් පසුබිමක කෙසේනම් ගොඩ නැගේද.?? පවුලේ සාමාජිකයින් එකිනෙකා අතර බෙදා හදා ගැනීම සහයෝගය මේ දේවල් ගොඩ නැගෙද්දී සමාජයේම ඒවා වර්දනය වේ.නමුත් බෙදා හදා ගැනීමට සහෝදරයෙක් සහෝදරියක් නොමැති පවුල් ක්‍රමයක් ගොඩ නැගෙමින් පවතින වර්තමාන සමාජය තුල දූෂණය වංචාව සාමාන්‍ය දෙයකි.
මිල මුදල්ම සිය ආත්මය කර ගන්නා උදවිය නිසා හෙට දිනයේ 'පවුල' යන වචනයත් සමාජයෙන් වියැකී යනු නොඅනුමානය.පවුලක් තුලින් සාමජයට ඉටු කෙරෙන්නාවූ වගකීම් හා යුතුකම් අප්‍රමාණය.නමුත් හෙට දිනයේ ස්වාමිපුරුෂයා හා බිරිදට පමනක් සීමා වී සිය අවශ්‍යතා සපුරා ගනු වස් පමණක් පවුලක් ගොඩ නැගෙන වට පිටාවක් මේ වන විට නිර්මාණය වී තිබේ.අද රටේ පිරිහීම එදාට අන්තයටම යනු ඇත.

Wednesday, 7 April 2021

දේශපාලන මහගෙදර

ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි කීවේ එදාය.අද ශ්‍රී ලංකාව යනු දූෂණයේත් වංචාවේත් මහගෙදර වැනි යැයි කීම වඩාත් ගැලපේ යන්න මාගේ හැගීමයි. මෙරට පාර්ලිමේන්තුව මේ දරුවන්ගේ අම්මා වී තිබේ.දූෂණය,මැරකම,වංචාව මේ සියල්ල හැදී වැඩෙනුයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටාය.අද මෙරට දේශපාලන වේදිකාවේ වඩාත් කතා බහට ලක් වෙන මාතෘකාව තමයි ඉහල ගිය මැති ඇමති වැටුප.මහා ලොකු රාජකාරියක් කරනවා යැයි කියන ඇමති උන්දලාගෙ වැටුප් වැඩි වීම පිලිබදව මහජනතාව නම් මහත් සේ කණගාටු වේ.අහෝ!! දුකකි.රටේ ජනයා තව දුරටත් පීඩාවට ලක් වේ.සුර සැප ඇති මාලිගාවල අහිංසක දුප්පත් ජනතාවගේ මුදල් වලින් දූෂණ වංචාවල මහගෙදරට වී තව දුරටත් සැප විදීමට දුන් තවත් වරමක් ලෙස මේ ඇමති වැටුප් වැඩි වීම හැදින්විය හැක.
තව දුරටත් බලයේ සිටිමින් රට විනාස කරන පිරිසකට ලක්ෂ ගනණින් වැටුප් වැඩි කරනුයේ කිනම් පදනමකින් ද යන්න ගැටලු සහගත වේ.නොවිදිනා දුක් විදිමින් සිය දහඩිය මහන්සිය කැප කරන සාමාන්‍ය පුරවැසියන්ට උන්හිටි තැන් අහිමි වී තිබේ. සිය රාජකාරිය තුල රටට වැඩදායි පිරිසක් බිහි කිරිම උදෙසා කැප වූ ගුරුවරුන්ගේ ගුරු වැටුප තව දුරටත් කප්පාදු කිරීමට බලදාරින්ගේ අවදානය යොමු වී තිබේ.ගුරු වෘත්තියේ වටිනාකම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වට වූ හිස් ඔළුගෙඩි දන්නේ නැත.ඒ උන්දලා පාසල් ගියේ අවාරෙටයි.නිකාරනේ පුටු රත් කරන මහත්වරු රටට කරන කෙන්ගෙඩියක් නැත.ඔවුන් තව දුරටත් කරන්නෙ රට කන එකයි.තාමත් මීරියබැද්ද කන්දේ දුක දෝංකාර දෙයි.මීතොටමුල්ලේ කුණු ගද එතැනමය.උමා ඔය තව දුරටත් කදුලු ගගගී.විපතට පත් වූවෝ උන් හිටි තැන් අහිමිව හඩා වැලපෙද්දී දුක්ගන්නාරාළලා සුරලොව සැප සොයයි.මේ අපේ රටේ දේශපාලනඥයින්ගේ ක්‍රියා පටිපාටියයි.ජනතාව සෑමදාම ගොනාට අන්දන්නට ඔවුන් සිතා සිටී නම් මෙරට පොදු ජනතාව අන්ද ගොළු බිහිරෝ විය යුතුය.කාලය ආ සැනින් සියල්ලන්ටම දඩුවම් විදීමට සිදුවේ වී.වැරැද්දට දඩුවම කාටත් පොදු ධර්මතාවක් විනා නිල බලයෙන් මිලදී ගැනීමට හෝ යට ගැසීමට හැක්කක් නොවන බව කවුරු කවුරුත් මතක තබා ගැනීම වටී.

Monday, 10 September 2018

දිගු නොවන දික්කසාදය

ආදරයක් අවසානයේ විවාහයක් කරා ගෙන යාම ආදරවන්තයින් බොහෝ දෙනෙකුගේ සිහිනයකි.ඒ සිහිනය සැබෑ යථාර්තයක් කර ගැනිමට හැකි වෙනුයේ කීයෙන් කී දෙනාටද??? පිරිසක් මෙසේ උත්සාහකයක නියැලෙද්දී තවත් පිරිසක් ආදරය විවාහයක් දක්වා ගෙනගොස් එය කෙලවර කර ගැනීමට උත්සාහා දරයි.
කසාදය දික්කසාදයක් කර ගැනීම අද ලාංකීය සමාජයේ සුලභ කරුණකි.විවාහ වී දින කීපයක් තුල විවාහය කටුගා දමන්නට බොහෝ පිරිස් යොමු වීම මෙරට සංස්කෘතික පරිසරයට එතරම් හිතකර නොවූවත් මෙම තත්ත්වය අද අරුම පුදුම කරුණක් නොවේ.අපේ පැරණි ගැමි සමජ ක්‍රමය තුල විවාහය යනු උත්තරීතර බැදීමක් විය.එදා සමාජයේ දෙදෙනෙකුගේ එක් වීම සාමාජයේ වඩාත් ගෞරවයට ලක් වූ කරුණකි.අද මෙන් නොදියුණු සමාජ පසුබිමක් තුල වුවද එදා විවාහය හා බැදුණු චාරිත්‍ර වාරිත්‍ර නොවරදවාම ඉටු කිරීමට ඔවුන් වග බලා ගත්තාය.අඹු සැමියන් එකි නෙකා හා ඉටු කල යුතු යුතුකම් වගකීම් සමග නොපමාව බැදුනෝය.නමුත් වඩාත් සංකීර්ණ සමාජ ක්‍රමයක් තුල අද විවාහය නැමැති සමාජයේ තැනුම් ඒකකයේ බැම්ම අභියෝගයට ලක් ව තිබේ.
විවාහය යනු එක් බැදීමක් පමණක්ම බවට අද පත්ව තිබේ.මහ ඉහලින් මගුල් කන බොහෝ දෙනා හෙට දිනයේ මහත් සතුටින් විවාහය කටු ගෑ බවට බොහෝ හේතු සාදක කියති.මේ තත්ත්වය මෙරට සමාජයට උරුම වූයේ කෙසේද ?
අද ජන මාධ්‍ය උක්ත කරුණ සදහා ප්‍රදානම වගකීම් කාරකය විය යුතු බව මාගෙ  මතයයි.මන්ද,අද ජන මාධ්‍ය හරහා සිදු වෙනුයේ සමාජයේ සියලුම බැදීම් දුරස් කරමින් හුදෙකලා මිනිසුන් බිහි කිරීමයි.විශේෂයෙන්ම අද රූපවාහිනී  නාලිකා තුල විකාශනය කෙරෙන විදේශීය මෙගා ටෙලි නාට්‍ය මෙරට සමාජ ව්‍යූහයට අහිතකර ප්‍රබල බලපෑම් කාරකයක් වී තිබේ. රසවින්දනය උදෙසා යැයි ලාංකීය සංස්කෘතික ව්‍යූහයට කිසිසේත්ම නොගැලපෙන කතා පුවත් රැගත් මෙම ටෙලි නාට්‍ය කෙරෙහි අද ප්‍රේක්ෂකයන් බොහෝ සෙයින් ඇළුම් කරති.මෙම ටෙලි නාට්‍ය තුල විවාහය සෙල්ලමක් ලෙස හුවා දැක්වීම තුල මේ තත්ත්වය ද මෙරට පවුල් ජීවිත අඩාල වීමට බලපා තිබේ.ටෙලි නාට්‍ය තුල ඉතා ඉක්මනින්  පවුල් සංස්තා බිද වැටේ..එකී බිදවැටීමට හේතු සාදක ද ඒ තුලින්ම නිර්මාණය කෙරේ.මේවා පූර්වාදර්ශය කර ගැනීම තුල මෙරට සමාජයේ විවාහ සංස්ථාවද අභියෝගයට ලක්ව තිබේ.ඉහල පැලැන්තියේ සිටම මෙය විලාසිතාවක් බවට අද වන විට පත් ව තිබේ.නමුත් මෙය එතරම් හිතකර හෝ අගය කර හැකි සුලු කොට තැකිය හැක්කක් නොවේ.මේ ගිලිහී යන්නේ මෙටට සභ්‍යත්වයයි.සමාජයෙ පිරිහීම දෑස් ඉදිරියේ දිනෙන් දින දිග හැරේ.හෙට දිනයේ මෙරට සදාචාර සම්පන්න බව අළු දූලි වී යනු ඇත.එදාට මවුපිය,සහෝදර බැදීම් අගයන සමාජ ක්‍රමයක් අපට ඉතුරු නොවේ.එහි ඵල විපාකත් ඉතා සතුටින් භුක්ති විදීමට අප කවුරුත් දැන් සිටම සැදී පැහැදී සිටීම කාටත් හිතකර වේ.

Saturday, 25 August 2018

තීරණය ඔබ සතුයි


අහම්බයකින් ඇස ගැටණු පුවත් පතක ලිපියක් කියවන්නට සිතුනේ කාලයකට පසුවයි.එම ලිපිය කියවූ සැනින් මසිත එක් නිමේශයකින් කඩා වැටණේ ඇයි දැයි මේ ලිපිය ලියන මොහොතේදීත් මා කල්පනා කරමි.ලිපියේ සදහන් වූයේ නුපුරුදු හෝ නොඅසා තිබෙන යමක් නොවේ.එදිනෙදා මාධ්‍ය මගින් නිරන්තරයෙන් ඇසෙන්නට තිබෙන පුවතකි.ස්ත්‍රී දූෂණයක් යැයි කීවොත් මා නිවැරදිය.නමුත් එහි වූ පුවතට විෂය වී තිබුනේ මාගේ වියෙහිම පසු වන තරණියක වීම නිසාත්,ඇයට අත්ව තිබූ අමිහිරි අත්දැකීම් පෙලක් පුවතෙ සදහන් කර තිබූ ආකාරයත් නිසා එම පුවත කෙරෙහි මා වඩාත් සංවේදී වන්නට ඇත.ඇය කාම ප්‍රේතයකුගෙ  ගොදුරක් බවට පත් වූ තවත් එක බිල්ලක් පමනී.
තරුණ හෙද නිලධාරිනියක ලෙස  යුධ හමුදා රෝහලක සේවය කරන අතරතුර පටලවා ගත් පෙම් පල හිලවුවක් දිගු දුර යාම නිසා ඇයට මෙම ඛේදවාචකයට මුහුණ දීමට සිදු විය.අවසානයේ ඇයට සිදු වූයේ පෙම් පහස විදීමට නොව,මෙරට මහත්වරු යැයි කියා ගෙන සිටි නොසන්ඩාලයින්ගේ  කම් පහස දුරු කිරීමටයි.ගැහෙන හදවත නිසා ජීවත් වූ නමුදු සිය ආත්මයම මතෙන් මත් වූ කුරිරු ගින්නට දැවී අලු වී ගියේ කිසිවක් කර කියා ගැනීමට නොහැකිව ඈ බලා සිටියදීමය..මෙරට ඉහල පෙලේ තානාන්තරයක් දරන ගරු භුහුමනින් කිසිදු අඩුවක් නොමැති මහත්වරයෙකුටත් හාම්පුතාගේ ඉදුල් තොල ගාන තවත් නිලදාරීන් පිරිසකට ගොදුරක් බවට ඇය පත් වී හමාරය..තවත් ඇය ජීවත් වීමෙන් පලක් තිබේද.......
පැතුම් දහසක් පොදි බැදගෙන ජීවිත කීපයක්ම ජීවත් කරන්නට සිතා ගම රට අතැර ආ ඇගේ ජිවිතයට අද කිසිදු සරණක් නොමැත..කාලකණ්ණි තවත් සුන්දර ජීවිතයක් බිල්ලට ගෙන හමාරය...පුවත්පතේ සදහන්ව තිබූ ආකාරයට මොවුන් අතරින් මීට වගකිව යුතු නිලදාරියෙක් අද නිදැල්ලේ ය..හෙට දිනයේ අනිත් මහත්වරුන් ද මාධ්‍ය සංදර්ශන පවත්වමින් නැවතත් කරලියට බසියි.ඒ මේ රටේ නීතියේ ආධිපත්‍යයයෙ තරමයි..එල්ලුම් ගහ ක්‍රියාවට නැංවිය යුතු කාලය දැන් එලඹ තිබේ තවත් සම්මත කිරීමේ පනත් ගෙන එමින් වාද විවාධ සංවාද පවත්වමින් කඹ ඇදීමෙන් පලක් නැත.දිනෙන් දින සමාජය රුදුරු වෙස් ගනී.හෙට දිනයේ තවත් තරුණියක් නොව පුංචි මල් කැකුලක් මෙවන් තිරිසනුන්ගේ ගොදුර වේවී.දිය යුතු දඩුවම තීරණය කිරීමට නීති පොතේ පිටු දහස් ගණනක් පෙරලීමට සිදු වේවී.එනිසා මුලු රටම ඒක මතිකව සම්මත කරමින් මෙවැනි කරුමක්කාරයින්ට දිය යුතු දඩුවම තීරණය කරයිනම් තවත් නීති පොතේ පිටු පෙරලන්නට අවශ්‍ය නොවෙවී.මෙවැනි කරුමක්කාරයින්ට දිය යුතු එකම දඩුවම මරණයයි..

Wednesday, 25 July 2018

එගොඩගම දෙවියෝ


       කාලය මැවු වෙනසක අරුමයක් ලෙසදෝ හිරු එන්න එන්නම පෘථිවියට ලගා වෙන්නේ යැයි මට සිතුනේ දැනෙන තද හිරු රශ්මිය ගෙයි අතුලටත් තදින් දැනුණු නිසාවෙනි.දවල් කාලා ඇදට වැටුනේ දැනුන වෙහෙසත් සමග සුවබර නින්දකට යාමට සිතා ගෙනයි.දිගු නින්දකට මුල පුරණ අවසාන මොහොතෙ තිගැස්සී ඇහැරුනේ ගෙමිදුල පැත්තෙන් ආපු හුරු පුරුදු ගොරහැඩි කට හඩ නිසයි.

"වැඩක් නෑ ලොකු අයියේ, මේ පාරත් ගිය වන්ගියෙ වගේම කාලකණ්නී හෙනයක් වැදිල කුඹුරට."

ඒ අපේ ලොකු මාමාගේ කටහඩයි.ලොකු මාමා මොකද්දො කල කිරුණු ස්භාවයකින් ඒ වදන් පෙල පිට කලේය.

"අර මොකද මලයා අර? සුනිල්ගෙ හේනට පැන්න ඌරො තඩි ටිකවත් ගොයමට පැනලද?"
අප්පච්චී අසුවේ පිලිතුරත් දෙමිනි.
" මොන ඌරො තඩිද ලොකු අයියේ..කුඹුර පුරාම හේ ගිහින්..ගන්න දෙයක් නෑ.මේ පාරත් ගිය වන්ගියෙ වගෙ බඩින් බාගෙට කාල වෙන දෙයක් බලන් ඉන්න තමයි වෙන්නේ."

සියලු බලාපොරොත්තු බිද වැටී ගිය හැඩක් පෙනේ.ලොකු මාමා පුන්චි සන්දියේ පටන් හේන් ගොවිතැනට රුසි යැයි වරක් අත්තම්මා කියනු මට ඇසී තිබේ.ගිය කන්නයේ මාමාගෙ කුඹුර පාලු වූ නිසා පලදාවක් නොවීය.මේ වන්ගියෙත් අස්වැන්න පාඩු වීම සුභ නොවේ.අප්පච්චීත් ලොකු මාමාගේත් කතාවට මමත් ගොඩ වන්නට සිතුවෙමි.

"මම ගිය සුමානේ කුඹුර දිහෑ යනකොට අපූරුවට කරල් බර වෙලා තිබුණෙ."
"ඒකනේන්නන් කෙල්ලෙ මටත් හිතා ගන්න බැරි මොන හෙන ගිඩියක් පාත් උනාද කියලා."

ලොකු මාමා දිග සුසුමක් හෙලුවේ සියලු බලාපොරොත්තු වා තලයට මුසු කරමිනි.

"අනුමානයක් නෑ මොකෙක් හරි ගමේ එකෙක් කුඹුරට වින කටිනවා ඇති.කලින් වන්ගියෙත් මන් උබට ඔය ටික කීවනේ.කොහෙද ඉතින් අපි කියන දෙයක් මායිමකට ගන්නේ නෑනේ."

කොහේදෝ ඉදන් කතාව මැද්දට එන ගමන් අම්මා කියූ දෙයට අප්පච්චී අම්මා වෙත රලු බැල්මක් හෙලීය.

"උක්කුවෝ උඹ දන්නවයැ, උඹලගෙ අප්පොච්ච ඔය කුඹුර කරන වංගියෙ යස අපූරුවට සරුසාරෙට පලදාව තිබුණා.උන්ද හැම කන්නෙකින්ම ඉස්ස ඉස්සලාම කොටහක් වෙන් කොරේ ගම්බාර දෙයියාන්සෙට. ඒ පිහිට තමයි උන්දට තිබුණෙ.උඹත් මන් කියනවට මේ වන්ගියේ මුල් කොටහින් ගම්බාර දෙයියන්නාන්සෙට මුල් කොටහක් පුජා කරපන්කො.කොහෙද ඉතින් උඹල අපි කියන දෙයක් මායිම් කරන්නෙ නෑනොවැ."

අත් අම්මා කතාවට විසදුමක් දෙමින්ම කතාව මැද්දට ආවෙය. අපේ අත්තා මුත්තා කාලෙ ඉදන් එගොඩ ගම වැසියන් ගම් බාර දෙවියන් උදෙසා පුද පූජා පැවැතූ බව ආච්චි අම්මා නිතරම කියනු මට ඇසී තිබේ.ගොවිතැන් කරන උදවිය තමන්ගෙ අස්වැන්නෙන් කොටසක් මුලින්ම ගම්බාර දෙවියන් වෙනුවෙන් වෙන් කොට තිබේ.
ගමට එන විපත් වලදී එතුමන්ගේ පිහිට ලැබුණු බව පිලිගැනීමයි.
අත් අම්මාගේ කතාවට එකග වෙමින් අපි සියලු දෙනා ලොකු මාමාගෙ කුඹුරේ අස්වැන්නේ පීදුණු කොටසක් ගම්භාර දෙවියන් වෙනුවෙන් පූජා කිරීමට එගොඩගම කන්දේ බෝධියට ගියෝය.

දින කීපයකට පසු...

"ලොකු අයියේ.."
"අහ් මලයා..මොකද ඉතින් දැන් කුඹුර පැත්තෙ වංහඋං එහෙම..?"
"දැන් නම් හරි අපූරුවට කරල් බර වෙලා තියනවා.තව සුමානෙකින් අස්වැන්න ගෙට ගතහැකි මයෙ හිතේ."
අප්පච්වීගෙත් ලොකු මාමාගෙත් කතාවට අත් අම්මා පුරුද්දක් මෙන් සෑම දාම ගොඩ වදී.

"මං කිවුවෙ ඒකනේන්නන් උක්කුන් පුතේ..ගම්භාර උන්නාන්සේගේ පිහිට හැමදාම අපිට තියනවා.."
                                                       
                                                                        නිමි..
     එගොඩගම වැසියන් අදටත් කන්දේ බෝධියට යන්නේ ගම්භාර දෙවියන්ගේ පිහිට පතාගෙනයි.පරම්පරා ගනණක සිට  එය ඔවුන් තුල පැවත එන්නා වූ විශ්වාසයකී.ගොවිතැනෙ මුල් කොටසක් එතුමන්ට පූජා කිරීමට අදටත් ඔවුන් බැදී සිටී.  

R.M Nipuni Madhavi
Hs/2015/1039
Traditional Communication  

Saturday, 14 July 2018

තනිකම

පුන් සද කිරණ නැති දා
                         වැඩි ගණ අඳුර...
මත් කල බඹර තුඩ මත නැති 
                         පිනි බිදුව..
සියොතුන් නොමැති කල කුමටද 
                          හිස් ගුවන...
නුඹ නැති මෙමට තනිකම 
                           සරදම් මොටද...

අකිකරු වූ සුමුදු සිතුවිලි
                           හද පුරා මැව් රෑ රටා..
වියරු වෙස් ගෙන බොඳ කලේ ඇයි
                           සසල කර ගිනි අවුළුවා..
පැතුම් ⁣පොදි බැඳ නුඹට පෙම් කල
                            වරද හිමි සඳ වැටහෙනා..
බලා ඉමි යලි සොයා එනතුරු
                             සිසිල් දිය දෝතක් වෙලා..

Friday, 13 July 2018

මුවැත්තියේ නුඹ රැවටෙයි මිරිඟුවට
දොළ පහර නොවෙයි බිලි වෙයි නුඹ මරු කටට
පරිස්සමෙන් වටපිට බලපන් හොඳට
වෙස් මූණු බැදන් එයි නුඹ රවටා යන්න.....

Wednesday, 4 July 2018

ගාලු මුවදොර

ගාලු මුවදොරේ
ඔබ මා හමු වූ...
පාට සරුංගල්
මුතු කුඩ ඉහළු..
ඈත පෙනෙන
නෞකාවක තනි වූ..

මතකද ගෙවුණා 
දවසක් හමුවූ..

Wednesday, 20 June 2018

නුඹ




විඩාබර මනෙත
සරසවි බිම පුරා නෙක සොයා යන
නමුදු තවමත් හමු නොවූ
හුරු පුරුදු ඒ සුවඳ

සුපුරුදු ලෙසින් මා අසල දැවටෙන
නුඹ කොහේ සැඟවීද තනිකර
සරසවි බිමේ දොරටුව ලඟින් නුඹ 
එනතුරා මං බලායිමි සඳ....
 

Monday, 4 June 2018

උපාධිය

⁣ගෙනයන්නට ලොකු උපාධියක්
පුරවා සිහින කඳු මුදුනක්..                 නොබලා ⁣වෙහෙස නැගි ගමනක්
අහෝ සොයමි  සැනසීමක්.. .                                              

දියාරු වන පවුල් ක්‍රමය

සමාජයේ  කුඩාම තැනුම් ඒකකය ලෙස පුරුෂයෙක් කාන්තාවක් හා දරුවන්ගේ එකතුවකින් ගොඩ නැගෙන සම්බන්දතාවය,පවුල සමාජ සම්බන්ධතා ව්‍යුහය ගොඩ නැගීමේ මුල්ම ප...