ආදරයක් අවසානයේ විවාහයක් කරා ගෙන යාම ආදරවන්තයින් බොහෝ දෙනෙකුගේ සිහිනයකි.ඒ සිහිනය සැබෑ යථාර්තයක් කර ගැනිමට හැකි වෙනුයේ කීයෙන් කී දෙනාටද??? පිරිසක් මෙසේ උත්සාහකයක නියැලෙද්දී තවත් පිරිසක් ආදරය විවාහයක් දක්වා ගෙනගොස් එය කෙලවර කර ගැනීමට උත්සාහා දරයි.
කසාදය දික්කසාදයක් කර ගැනීම අද ලාංකීය සමාජයේ සුලභ කරුණකි.විවාහ වී දින කීපයක් තුල විවාහය කටුගා දමන්නට බොහෝ පිරිස් යොමු වීම මෙරට සංස්කෘතික පරිසරයට එතරම් හිතකර නොවූවත් මෙම තත්ත්වය අද අරුම පුදුම කරුණක් නොවේ.අපේ පැරණි ගැමි සමජ ක්‍රමය තුල විවාහය යනු උත්තරීතර බැදීමක් විය.එදා සමාජයේ දෙදෙනෙකුගේ එක් වීම සාමාජයේ වඩාත් ගෞරවයට ලක් වූ කරුණකි.අද මෙන් නොදියුණු සමාජ පසුබිමක් තුල වුවද එදා විවාහය හා බැදුණු චාරිත්‍ර වාරිත්‍ර නොවරදවාම ඉටු කිරීමට ඔවුන් වග බලා ගත්තාය.අඹු සැමියන් එකි නෙකා හා ඉටු කල යුතු යුතුකම් වගකීම් සමග නොපමාව බැදුනෝය.නමුත් වඩාත් සංකීර්ණ සමාජ ක්‍රමයක් තුල අද විවාහය නැමැති සමාජයේ තැනුම් ඒකකයේ බැම්ම අභියෝගයට ලක් ව තිබේ.
විවාහය යනු එක් බැදීමක් පමණක්ම බවට අද පත්ව තිබේ.මහ ඉහලින් මගුල් කන බොහෝ දෙනා හෙට දිනයේ මහත් සතුටින් විවාහය කටු ගෑ බවට බොහෝ හේතු සාදක කියති.මේ තත්ත්වය මෙරට සමාජයට උරුම වූයේ කෙසේද ?
අද ජන මාධ්‍ය උක්ත කරුණ සදහා ප්‍රදානම වගකීම් කාරකය විය යුතු බව මාගෙ මතයයි.මන්ද,අද ජන මාධ්‍ය හරහා සිදු වෙනුයේ සමාජයේ සියලුම බැදීම් දුරස් කරමින් හුදෙකලා මිනිසුන් බිහි කිරීමයි.විශේෂයෙන්ම අද රූපවාහිනී නාලිකා තුල විකාශනය කෙරෙන විදේශීය මෙගා ටෙලි නාට්‍ය මෙරට සමාජ ව්‍යූහයට අහිතකර ප්‍රබල බලපෑම් කාරකයක් වී තිබේ. රසවින්දනය උදෙසා යැයි ලාංකීය සංස්කෘතික ව්‍යූහයට කිසිසේත්ම නොගැලපෙන කතා පුවත් රැගත් මෙම ටෙලි නාට්‍ය කෙරෙහි අද ප්‍රේක්ෂකයන් බොහෝ සෙයින් ඇළුම් කරති.මෙම ටෙලි නාට්‍ය තුල විවාහය සෙල්ලමක් ලෙස හුවා දැක්වීම තුල මේ තත්ත්වය ද මෙරට පවුල් ජීවිත අඩාල වීමට බලපා තිබේ.ටෙලි නාට්‍ය තුල ඉතා ඉක්මනින් පවුල් සංස්තා බිද වැටේ..එකී බිදවැටීමට හේතු සාදක ද ඒ තුලින්ම නිර්මාණය කෙරේ.මේවා පූර්වාදර්ශය කර ගැනීම තුල මෙරට සමාජයේ විවාහ සංස්ථාවද අභියෝගයට ලක්ව තිබේ.ඉහල පැලැන්තියේ සිටම මෙය විලාසිතාවක් බවට අද වන විට පත් ව තිබේ.නමුත් මෙය එතරම් හිතකර හෝ අගය කර හැකි සුලු කොට තැකිය හැක්කක් නොවේ.මේ ගිලිහී යන්නේ මෙටට සභ්‍යත්වයයි.සමාජයෙ පිරිහීම දෑස් ඉදිරියේ දිනෙන් දින දිග හැරේ.හෙට දිනයේ මෙරට සදාචාර සම්පන්න බව අළු දූලි වී යනු ඇත.එදාට මවුපිය,සහෝදර බැදීම් අගයන සමාජ ක්‍රමයක් අපට ඉතුරු නොවේ.එහි ඵල විපාකත් ඉතා සතුටින් භුක්ති විදීමට අප කවුරුත් දැන් සිටම සැදී පැහැදී සිටීම කාටත් හිතකර වේ.